Shgdnc “ස්වීට් ඇන්ව් සවර්’’ මාලු dhdncs
අවශ්‍ය ද්‍රව්‍ය:
මාලු රා. 1 ½ (තෝර, තලපත්, ගල්මාලු)
ලුණු තේ හැදි 1
පාන් පිටි මේස හැදි 2
තෙල් බෝත්ල් ½
සෝස් සදහා
ස්ටොක් හෝ වතුර මේස හැදි 3
සීනි මේස හැදි 2
වයින් විනාකිරි මේස හැදි 2
සෝයා සෝස් මේස හැදි 1
කෝන් ෆ්ලවර් තේ හැදි 2
සාදන ක්‍රමය:
මාලුවාගේ කොරල හැර හොදින් සෝදා දෙපැත්තේම මැද කටුව දක්වා පමණක් ඇලේට අගල් ½ පෙති කපන්න. මාලුවා හොදින් තෙත මාත්තු කොට ඒ මත ලුණු තවරා පිටිවල දවටන්න. ඉන්පසු තෙල් තාච්චිය ලිප තබා තෙල් රත් වූ විට මිනිත්තු 4 ක් හෝ 5 ක් පමණ රන්වන් පාට වනතෙක් (එක වතාවක් පමණ පෙරළා) බැදගෙන දීසියක් මත තබන්න.
සෝස් සදහා අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම මිශ්‍ර කොට තෙල් එවත් කළ තාච්චියට දමා උකුවතුරු හැදිගාමින් පිසගෙන මාලුවා මත වත් කරන්න.

Post a Comment