කොස් මදුළු කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය:
කුඩා ප්‍රමාණයේ පැසුනු කොස් මදුළු 15
මාළු හෝ සැමන් ග්‍රෑම් 150
අර්තාපල් ග්‍රෑම් 250
ලීක්ස් ග්‍රෑම් 100
රතුලූනු ග්‍රෑම් 100
අමු මිරිස් කරල් 3
ගම්මිරිස් කුඩා තේ හැදි ¼
කරදමුන්ගු කුඩු තේ හැදි ¼
දෙහි ඇඹුල් අවශ්‍ය තරමට
ලුණු අවශ්‍ය තරමට
තෙල් සෑහෙන පමණ
හලාගත් පාන් පිටි ග්‍රෑම් 200
බිත්තර 1
පාන් කුඩු ග්‍රෑම් 200
සාදන ක්‍රමය:
කොස් මදුලේ පැත්තකින් දිගට පලා උඩ
ඇස්ස ළගින් ද ප්‍රවේශමෙන් කපා ඇටය හා සිවිඩ්ඩ පිටතට ගන්න. ලුණු මිශ්‍ර ජලය බදුනකට
දමා පැසෙන විට මෙම මදුළු එහි දමා මදක් තම්බා ගන්න. වතුර බේරෙන්න දැන් පෙරනයකට
දමන්න.
මාළු කටු හා සම ඉවත් කර පොඩි කරන්න.අර්තාපල් කැබලි සිටිනසේ පොඩි කර, එයට දමන්න. ලීක්ස් සිහින්ව කපා ගන්න. අමු මිරිස් , ගම්මිරිස් කුඩු, දෙහි, ලුණු, කරදමුන්ගු කුඩු ආදී සියල්ල එකතු කර මිශ්‍රණය සකස් කරන්න. මෙය බාජනයකට පුරවන්න. ( පෙර පැලූ විවරය වැසීමට හැකි අයුරින් පුරවන්න ) මෙය පිරවූ මදුළුවල පිට තවරන්න.
බිත්තර, ලුණු, පිටි හා ජලය මිශ්‍ර කර මදක් ඝනව බැටරය සාදා ගන්න. කොස් මදුළු මෙහි ගිල්වා පාන් කුඩු තවරන්න. තෙල් දැඩි ලෙස රත්වෙන්න හැර රන්වන් පැහැය වනතුරු බැද ගන්න.
إرسال تعليق