කුකුල් මස් කට්ලට්ස්

    අවශ්‍ය ද්‍රව්‍ය:

 

කටු නැති කුකුල් මස් ග්‍රෑම්  250

අල ග්‍රෑම් 150

ගම්මිරිස් කුඩු (අවශ්‍ය පරිදි )

රතුලූනු ගෙඩි කිහිපයක්

අමු මිරිස් කරල්  3

සුදුලූනු ගෙඩි  1

ලුනු හා දෙහි යුෂ

බිත්තර  1

පාන් පිටි ස්වල්පයක්

විස්කෝතු කුඩු

 

    සාදන ක්‍රමය:

 

                            කුකුල් මස් සෝදා සිහින්ව අඹරා ගන්න.අමු මිරිස් හා සුදු ලූනු සිහින්ව කපා ගන්න. බදුනක් ළිප තබා රත්වන විට එයට තෙල් ටිකක් දමා සිහින්ව ලියාගත් ලූනු දෙවර්ගය හා අමු මිරිස් දමන්න. තම්බා පොඩිකරගත් අල ද දමන්න. ඒවාට සරිලන සේ ලුනු හා ගම්මිරිස් කුඩු ද දමන්න. කලවම් කරමින් ළිපෙන් බා දෙහි යුෂ එක් කරන්න.


         ඉන්පසු කට්ලට් සදහා මිශ්‍රණයෙන් බෝල සාදා ගන්න. වෙනත් බදුනක් ගෙන අවශ්‍ය තරමට පාන් පිටි, පොල්කිරි, ලුණු සමග බිත්තරයක්ද එක්කර මිශ්‍රණය සාදා ගන්න. කට්ලට් සදහා සාදාගත් බෝල මේ මිශ්‍රණයේ බහා බිස්කට් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

Post a Comment

أحدث أقدم