තිලාපියා මාළු කට්ලට්ස්

 

     අවශ්‍ය ද්‍රව්‍ය:


මාළු ග්‍රෑම් 500

බිත්තර  1

අමු මිරිස් කරල්  6

රතු ලූණු ගෙඩි 10 ක් පමණ

මිරිස් කුඩු මේස හැදි  1

දුරු කුඩු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු මේස හැදි  1 ½

විනාකිරි මේස හැදි  2

හුළන් විස්කෝතු  6

රම්පේ, කරපින්චා

අවශ්‍ය පමන ලුණු , ගොරකා සහ දෙහි

පොල්තෙල් බෝතල් ½

 

   සාදන ක්‍රමය:

 

                    ප්‍රතමයෙන් මාළුවාගේ හම ගලවා ඔළුව ඉවත් කර සෝදා කහ සහ ගොරකා කැබලි කීපයක් දමා තම්බන්න. ස්වල්ප වේලවකට පසුව නැවත හොදට සෝදා ගන්න. සෝදා ගත් මාළු කීපදෙනා සාස්පානකට දමා කහ, ලුණු ,ගොරකා කැබලි කීපයක්, විනාකිරි, මිරිස් කුඩු, දුරු කුඩු, රම්පෙ, කරපින්චා යන සියල්ල දමා වතුර මේස හැදි 2ක් එක්කර හොදට තම්බා ගන්න. හොදට නිවුණාට පසු කටු සියල්ල ඉවත් කර, බාජනයකට දමා ලියන ලද අමු මිරිස් සහ ලූණු , ගම්මිරිස් කුඩුද දමා හොදින් කලවම් කර ගන්න.


                         දැන් බෝල වශයෙන් හෝ පැතලියට හෝ තමන් කැමති හැඩයකට සාදා ගෙන බිත්තර සාරයෙහි දවටා විස්කෝතු කුඩු වල තවරා තෙලෙන් බදින්න. සෝස් සමග වඩාත් රස වෙයි.


Post a Comment

Previous Post Next Post