කුකුල් මස් සමග කොත්තමල්ලි සුප්
අවශ්‍ය ද්‍රව්‍ය:
කුකුල් මස් පොඩිය කපාගත් ග්‍රෑම් 100
කුකුල් මස් කටු ග්‍රෑම් 500
සැල්දිරි ග්‍රෑම් 100
ලූනු කපා ගත් ග්‍රෑම් 100
සූදුරු ඇට තළාගත් ග්‍රෑම් 50
සුදු ලීක්ස් ( දඩු කොටස ) ග්‍රෑම් 50
අර්තාපල් ග්‍රෑම් 40
සුදු කැකුලු හාල් ග්‍රෑම් 40
සුදු ලූනු තලාගත් ග්‍රෑම් 20
බටර් ග්‍රෑම් 20
වතුර ලීටර් 06
මිටිකිරි අඩු කෝප්ප ½
අමු ඉගුරු තලාගත් තේ හැදි 01
කරපින්චා මේස හැදි 01
දෙහි යුෂ තේ හැදි 01
ගම් මිරිස් ඇට තේ හැදි ½
රස අනුව ලුනු
සාදාගන්නා ආකාරය:
කුකුල් මස් කටු සෝදා තළාගෙන, කොත්තමල්ලි, සූදුරු, සුදුලූනු, කරපින්චා, කුරුදු පොතු සහ වතුර එක්කර ළිප තබන්න. වතුර උතුරන විට ගිම්දර අඩු කර පැය 1 ½ ක් පමණ තම්බා පෙරාගන්න. පසුව කුකුල් මස් කැබලිවලට එම වතුර ටිකක් දමා ත්ම්බා පෙරා එම වතුර පළමුව තැම්බූ වතුරට එකතු කරන්න.
පසුව බාජනයක් ළිප තබා එයට බටර් එකතු කර රතු ලූනු, සැල්දිරි, ලීක්ස්, සුදුලූනු, අමු ඉගුරු, එක්කර තරමක් බැදෙන්නට හරින්න.
ඉන්පසුව එයට පෙරාගත් කුකුල් මස් වතුර අර්තාපල් සහා සහල් ද එකතු කර උතුරුවා ගන්න.
උතුරන විට ගින්දර අඩු කර උඩට එන පෙන ඉවත් කරන්න. සහල් තැම්බුණාට පසුව බාජනය ඉවත්ටගෙන අර්තපල් සහ සහල් බ්ලන්ඩර් කර හෝ හොදින් පොඩි කරන්න. පසුව එයට කිරි එකතු කරන්න. අවසානයේ දී එයට කොත්තමල්ලි කොළ තම්බාගත් කුකුල් මස් සහ දෙහි යුෂ එකතු කරන්න.
إرسال تعليق