සුදු වෙන්න ආස නම් මේ කෑම් කන්න.
- මාළු සමග කොත්තමල්ලි සුප්
අවශ්‍ය ද්‍රව්‍ය:
මාළු තම්බාගත් වතුර ලීටර 06
තලපත් මාළු ( පොඩියට කපාගත් ) ග්‍රෑම් 100
පරිප්පු ග්‍රෑම් 100
කැරට් ග්‍රෑම් 50
අර්තාපල් ග්‍රෑම් 50
ලූනු ග්‍රෑම් 50
සැල්දිරි ග්‍රෑම් 25
ලීක්ස් හුදු පාට ග්‍රෑම් 25
බටර් මේස හැදි 01
කොත්තමල්ලි කුඩු මේස හැදි 01
සුදුරු කුඩු තේ හැදි 01
කහ කුඩු තේ හැදි 01
සුදුලූනු (තළාගත්) මේස හැදි 01
ඉගුරු (තළාගත්) තේ හැදි 01
එළකිරි අඩුකෝප්ප ½
තෙල් අඩුකෝප්ප ½
දෙහි යුෂ තේ හැදි 2
රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය:
එළවළු සියල්ල කපාගන්න.ඉන් පසුව බාජනයක් ළිප තබා එයට බටර් දමා පරිප්පු හැර එළවළු සියල්ල එයට දමා තරමක් බැදගන්න. පසුව එයට පරිප්පු, සුදුලූනු, අමු ඉගුරු, සූදුරු කුඩු, කහ කුඩු, කොත්තමල්ලි කුඩු සහ මාළු වතුර දමාගන්න. එය උතුරන විට ගින්දර අඩු කර තැම්බෙන්න හරින්න.
මාළු කැබලි ගැඹුර තෙලේ බැද තෙල් පෙරාගන්න.ඉහත සියල්ල හොදින් තැම්බුනු පසුව නිවෙන්නට තබා බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසුව නැවත ළිප තබන්න. උතුරන විට පෙන ඉවත් කර කිරි සහ ලුණු එක්කර ගින්දර නිවන්න. ඉන්පසුව එයට බැදගත් මාළු එක් කරගන්න. නිවුණු පසුව දෙහි යුෂ එකතු කරන්න.



Post a Comment