ඉදියාප්ප බුරියානි

 

   එළුමස්/කුකුල් මස් බැදුම:

 

එළුමස්/කුකුල් මස් ග්‍රෑම්  500

එළගිතෙල් ග්‍රෑම්  25

අඹරාගත් ඉගුරු ග්‍රෑම් 25

අඹරාගත් රතුලූනු ග්‍රෑම්  25

කුඩු කල සූදුරු තේ හැදි  1

තලාගත් කරදමුන්ගු  8

මිරිස් කුඩු තේ හැදි  1

කහ කුඩු තැහැදි ½

කුඩාවට කපාගත් තක්කලි ග්‍රෑම් 225

පෙති කපාගත් ලූනු ග්‍රෑම්  225

රෝස් එසෙන්ස් තේ හැදි ¼

කුරුදු පොතු අගලේ කෑල්ලක්

ලුණු

 

   සාදන ක්‍රමය:

 

මස් කෑලි වලට කපා, එළගි තෙල්,පෙති කපාගත් ලූනු සහ රෝස් එසන්ස්  හැර අනෙක් සියළුම ද්‍රවය්‍ය සමග බාජනයකට දම, හොදින් මිශ්‍රකර පැය ½ -1 පමණ ශීතකරණයේ තබන්න.

 

එළගිතෙල් රත්කර, ලූනු රන්වන් පාට වනතුරු බැදගන්න.ඊට මස් මිශ්‍රනය එකතු කර වතුර කෝප්ප 1 – 2 දමා පිස ගන්න.මස් තැම්බුන පසු වතුර ස්වල්පයක් සමග රෝස් එසෙන්ස් එකතු කරන්න.මෙය තරමක් වියලි කරියකි.

 

 

   බුරියානි අවශ්‍ය ද්‍රව්‍ය:

 

ඉදියාප්ප 80 -100

එළගිතෙල් ග්‍රෑම්  50

ලොකු කෑලිවලට කපා ගත් අල ග්‍රෑ. 225

පෙති කපාගත් ලූනු ග්‍රෑම් 225

කජු කොප්ප ½

පොල්කිරි කෝප්ප ½

කරදමුන්ගු 10 ක කුඩු

රෝස් එසෙන්ස් බිoදු කිහිපයක්

 

   සාදන ක්‍රමය:

 

අල, ලූනු සහ කජු රන්වන් පාට වනතුරු වෙත වෙනම බැද පසෙකින් තබන්න. ඉදියාප්ප කෑලිවලට කඩා කිරිවලින් තෙත් කරවන්න. ඉදියාප්ප කැබලි මස් කරියට දමා සමෙන් කලවම් කරන්න්.  බාජනය වසා, මිශ්‍රණය අඩිය නාල්ලන පරිදි මද ගින්නේ විනාඩි 5-10 ක් පිසගන්න. විනඩි 5 කට පසු  අල, ලූනු, කජු, කරදමුන්ගු කුඩු සහ වතුර ස්වල්පයක් මිශ්‍ර කළ රෝස් එසෙන්ස් ඊට එකතු කර බා ගන්න.

ඉන්පසු දීසියකට දමා තම්බාගත් බිත්තර වලින් සරසා ගන්න.

 

 

 

Post a Comment

Previous Post Next Post