චයිනීස් ෆ්‍රයිඩ් රයිස්


      අවශ්‍ය ද්‍රව්‍ය:



බාස්මති හාල් කි.ලෝ    1

හැම්, බේකන්, තැම්බූ කුකුල් මස්, කකුලුවන් හෝ ඉස්සන්

අවු. 8

බිත්තර    4

සෝයා සෝස් තේ හැදි   4

තක්කාලි සෝස් තේ හැදි   2

ලූනු ගස් හෝ ලීක්ස් (සුදු කොටස) රා. 1/2  (අගලේ කෑලි වලට කපා ගන්න.)

අජිනමොටෝ තේ හැදි  1

ලුණු කුඩු

අඹරාගත් ඉගුරු සහ සුදු ලූනු තේ හැදි   1

සැල්දිරි මේස හැදි   1

මාළු මිරිස් කරල්   2

තක්කාලි ගෙඩියක්

රට ලූනු ගෙඩියක්

ඔයිස්ටර් සෝස් මේස හැදි   1

    සාදන ක්‍රමය:

 

බාස්මති හාල් පැට 1/2  ක් වතුරේ පොගවා තබා හොදින් සෝදා,ලුණු සමග උතුරන වතුරට දමා තම්බන්න.විනාඩි 10-20 කින් ඇට තැම්බුනු පසු වතුර පෙරා,ඇල්වතුරෙන් සෝදා වතුර බේරන්න.


තච්චියක් හෝ වෝක් එකක, තෙල් අවු.තුනක පමණ රත් කර ඉගුරු  සුදුලූනු දමා ඉන්පසු බේකන්,චිකන් හෝ යොදා ගන්නා ඕනෑම මස් වර්ගයක් බැද ගන්න.බිත්තරද හොදින් ගසා ඊට කලවම් කර සැල්දිරි සහ ලූනුද ඒ සමගම යොදන්න.බිත්තර හයි වූ විට හැන්දකින් කෑලි වලට කඩන්න.



අනතුරුව ලූනු ගස්,කුඩාවට කැපූ මාළු මිරිස් සහ තක්කලි ඊට දමා තක්කාලි සෝස්,ඔයිස්ටර් සෝස්,සෝය සෝස්, සහ අජිනමොටෝ ද ඊට එකතු කර , ලිපෙන් බා තම්බාගත් හාල් ටික සහ අවශ්‍ය තරම් ලුණු කුඩු එකතු කරන්න.



     

 

 

Post a Comment

أحدث أقدم